හිටපු නි. ඇමැති සරත් යළි රිමාන්ඩ් - Neth News Blog

Jan 9, 2017

හිටපු නි. ඇමැති සරත් යළි රිමාන්ඩ්

මීගමුව කලපු සංවර්ධනයට වෙන් කළ රුපියල් ලක්ෂ 120ක් සාවද්‍ය පරිහරණය කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ලබන 13 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද(09) නියෝග කළේය.

ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බවට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා ගැන සෑහීමකට පත් විය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
ඉදිරි දිනයේ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.