ගත වූ වසර දෙකේ දී දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු වී නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් පවසනවා.
ඔහු කියා සිටියේ දෙමළ ජනතාව ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරෙන දේශපාලන විසඳුමකට කැමැත්තෙන් සිටිය ද වර්තමාන රජයෙන්ද එම අවශ්‍යතාව ඉටුවන බවක් පෙනෙන්නට නොමැති බවයි. හිටපු මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ යාපනයේ දී මාධ්‍ය අමතමින්.
උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදාහැරෙන නව ව්‍යවස්ථා සංශෝධනයක් කඩිනමින් සිදු කරන බවට වත්මන් රජය පොරොන්දු වූ බවයි ඔහු කියා සිටියේ.
දෙමළ ජාතික සන්ධානය රජයට සහය පළ කළේ එම පොරොන්දුව ඉටුවනු ඇතැයි යන අපේක්ෂාවෙන් බව ද හිටපු මන්ත‍්‍රීවරයා මෙහිදී සඳහන් කළා.
එහෙත් පවතින තත්වය යටතේ දෙමළ ජනතාව අතර පවා දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් ලෙස විහිළුවකට ලක්ව ඇති බවයි ඔහුගේ අදහස වන්නේ.
මෙවැනි පසුබිමක ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයින් ලෙස තවදුරටත් රැඳී සිටිනවාදැයි ආර්. සම්බන්ධන් පක්ෂ නායකවරයා හා එම්. ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා තීරණය කළ යුතු බව ද ඔහු සඳහන් කළා.
කඩිනමින් රජය සමග සාකච්ඡා කර තීරණයක් ගතයුතු බවයි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් හිටපු මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
Jan 7, 2017
“දෙමළ ජාතික සන්ධානය” විහිළුවක් වෙලා
Tags
# Enghish News
# Gossip King
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
Sinhala News
