ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීම සඳහා තේරීපත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පවුලේ පිරිස සමග වොෂිංටනය වෙත ළඟා වී තිබේ.
ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය හෙවත් ඇමෙරිකානු ෆෙඩරල් රජයේ නීති සම්පාදක ශාඛාව ලෙස සැලකෙන ඇමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටදී අද (20දා) නව ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනපති ලෙස මයික් පෙන්ස් දිවුරුම් දීමට නියමිතය.
මෙම සුවිශේෂී උත්සවයට සහභාගී වීම සඳහා නිව්යෝක් නුවර සිට වොෂිංටනය දක්වා ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට නිල වශයෙන් හිමි වන එයාර්ෆෝස් වන් ගුවන් යානයකින් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ සියලු දෙනා පැමිණියහ. කෙසේ වෙතත්, මේ දක්වා ට්‍රම්ප් භාවිත කළේ තමාගේම ට්‍රම්ප් අනන්‍යතාවයෙන් යුතු ගුවන් යානය මෙවර දැකිය නොහැකි විය.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන ආකාරයට මේ වනවිට කිසිදු අර්බුදයකින් තොරව වඩාත් සුමට බල හුවමාරුවකින් නව ජනපති ලෙස දිවුරුම්දීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම්ව ඇති අතර, දිව්රුම්දීමේ උත්සවය සම්පූර්ණයෙන්ම ඇමෙරිකානු තේමාවක් යටතේ සිදුවනු ඇත.
ජනවාරි 17 සිට 21 වැනිදා දක්වාම මෙම දිවුරුම්දීමේ උලෙළට අදාළ කටයුතු සිදු කෙරෙන අතර, දිවුරුම් දීමේ ප්‍රධාන උලෙළ, දිවා භෝජනය, සරඹ පෙළපාළිය, සමාරම්භක බාල් නර්තනය, මෙන්ම ආගමික වතාවත්ද ඒ සමස්ත ක්‍රියාවලියට අයත්ය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම්දීම සිදුවනු ඇති අතර, එහිදී සාම්ප්‍රදායික ලින්කන් බයිබලය (බරැක් ඔබාමාද භාවිත කළේ මෙයයි) මෙන්ම, ට්‍රම්ප් ළමා අවදියේ සිට භාවිත කළ බයිබලයද දිවුරුම්දීමේ අවස්ථාවට යොදාගනු ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
Jan 20, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනපති ධුරය භාරගැනීමට සූදානමින්
ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනපති ධුරය භාරගැනීමට සූදානමින්
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
