2015 ජනවාරි 08 වන දින රටේ ආණඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනතාව විසින් ජන වරමක් ලබා නොදුන් බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව ඒකීය රට බෙදා වෙන් කරන්නට , ෆෙඩරල් ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්නට අවසර නොමැති බව ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණේ නියෝජිත සමුළුව ආමන්ත්‍රණය කරමිනි.
මෛත්‍රීපාල සිිරිසේන ජනාධිපතිවරයා විසින් රටේ ව්‍යවස්ථාව, නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කරමින් සිටින බවත්, ඔහු තම පාලන කාලය ආරම්භ කළේම ඒ ආකාරයේ නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධි කටයුතු කරමින් බවත් ඔහු සඳහන් කළේය.
තමන් ජනාධිපති වූ වහාම රටේ අගමැතිවරයෙකු සිටියදී පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කළ බවත්, අනෙක් අතට ව්‍යවස්ථානුකූලව පත්කර සිටි අග්‍ර විනිශ්චයකාරවරයා නීති විරෝධී ලෙස ධූරයෙන් පහ කළ බවත් , මෙම සිදුවීම් දෙකම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බව ගුණවර්ධන මහතා සිහිපත් කළේය.
මේ ආකාරයෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිරගත කොට තිබෙන්නේද, හිතුමනාපෙට ඇති කරන ලද නීති විරෝධී පොලිස් ඒකකයකින් බවත්, එය තනිකරම දේශපාලන පලිගැනීමක් පමණක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Jan 22, 2017
ව්‍යවස්ථාව වෙනස්කරන්න අණ්ඩුවට අවසර නෑ
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
