නව පාලනයක් බලයට ගේන්න ජවිපේ සූදානම් - Neth News Blog

Jan 6, 2017

නව පාලනයක් බලයට ගේන්න ජවිපේ සූදානම්

යහපාලන ආණ්ඩුවේ විනාශකාරී ආර්ථීක ප්‍රතිපත්ති පරාජය කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

වත්මන් ආණ්ඩුව දිගින් දිගටම රාජ්‍ය දේපල විකුණා දමන්නේ නම් නව පාලනයක් බලයට ගෙනඒමට කටයුතු කරන බවයි එහි නායක අනුර කුමාර දිසානායක සදහන් කළේ.

සුපිරි ඇමති පනත හරහා වත්මන් ආණ්ඩුව සිතු සිතු දේ කළ හැකි පනතක් නිර්මාණය කරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අනුර කුමාර දිසානායක මෙම අදහස් පල කළේ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.