පෞරාණික වස්තු පිළිබඳ වැඩි කතාබහක් ප්‍රබල සාමාජ නායකයකුට දැඩි අපල කාලයක් - Neth News Blog

Jan 21, 2017

පෞරාණික වස්තු පිළිබඳ වැඩි කතාබහක් ප්‍රබල සාමාජ නායකයකුට දැඩි අපල කාලයක්

ග්‍රහ ලෝව සෙනසුරු 2017 ජනවාරි මස 26 වන දින ගුරුට අයත් ධනු රාශියට පිවිසේ. මෙම අවස්ථාවේ කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ ලග්නයේ ශ=ක්‍ර, කේතු දෙවැන්නේ කුජ හත්වැන්නේ රාහු අටවැන්නේ ගුරු, එකොළොස්වැන්නේ ශනි හා බුධද, දොළොස්වැන්නේ රවි හා චන්ද්‍රයාද ගමන් කරයි. දුකට අධිපති සෙනසුරු ග්‍රහයා ධනු රාශිගත වීම රටක් වශයෙන් ගත් කළ ඉතා සුභදායක කාලයක් උදාවීමක් ලෙස පවසන්න පුළුවන්. සෙනසුරු එක රාශියක අවුරුදු 2 1/2 ක ආසන්න කාලයක් රැදි සිටි. එම අවුරුදු 2 1/2 තුළ එම රාශියට අදාල බලය විහිදුවයි. ඇත්තටම සෙනසුරු මාරුවකදි අප බය විය යුතු ද කියලා ඔබට සිතෙනවා ඇති. සමහර රාශි සඳහා සෙනසුරු ගමන් කිරීමේදි නම් අප කල්පනාකාරි හා සුපරීක‍ෂාකාරීව එම කාලය ගත කල යුතුය. මෙය සෙනසුරු ඒරාෂ්ඨක ගෙවන පිරිසට ද විශාල බලපෑමක් කිරීමට හැකියාව තිඛෙනවා. නමුත් මෙම සෙනසුරු මාරුව සුභදායක වශයෙන් සිදු වනවා කියලා කියන්න පුළුවන්.

මෙම ග්‍රහ මාරුව තුළ විශේෂ සිදුවීම් දෙකක් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. මුල්ම කරුණ නම් අප්‍රේල් මස 06 වන දින සිදුවන සෙනසුරු වක්‍ර වීම ධනු ලග්න හිමියන්ට මෙන්ම වෘෂභ ලග්න හිමියන්ට ද, 2017 අප්‍රේල් මස 27 වන දින දක්වා තරමක් අපල කාලයක් ගෙන දෙනවා. මෙය දවස් 21 ක කාලයක් පවතිනවා. කන්‍යා, මිථුන ලග්න වලට තරමක සුභ කාලයක් ලෙසත් අනෙකුත් ලග්න සඳහා මධ්‍යස්ථ බව ද කියන්න පුළුවන්. සෙනසුරු වක්‍ර වීම තුළ පූජ්‍ය පක‍ෂය හා ජනතාව අතර විවිධ මත ගැටුම් නිර්මාණය වීම ද සිදුවිය හැක. පෙබරවාරි 02 න් පසු කාලය තුළ පූජ්‍ය පක‍ෂයේ මෙන්ම ප්‍රබල සමාජ නායකයකුට දැඩි අපල කාලයක් උදා වෙනවා.

දෙවන කරුණ ලෙස ගත් කල 2017 ජුනි මස 21 වන දින සිදුවන සෙනසුරු වෘශ්චික රාශි ගත වීමයි. සෙනසුරු වෘශ්චික රාශිගත වීම තුල ස්වභාවික විපත් හා පෞරාණික වස්තු පිළිබඳ කතාබහට ලක්වන කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම කාලය තුල කෘෂිකර්මය පිළිබඳ ප්‍රශ්ණ මත ගැටුම් නිර්මාණය වේ. එසේම ආර්ථීකමය වශයෙන් වාසිදායක නව සොයාගැනීමක් නියත වශයෙන් සිදු වෙනවා.











දු.ක. 071 - 5709000 /041 - 5709000