සංහිඳියාව ඇති කිරීම රටේ සංකීර්ණ ගැටලුවක් බවට පත්ව ඇති හෙයින් ප්‍රදර්ශනාත්මක වැඩ වලින් පමණක් සංහිඳියාව ගොඩනැංවිය නොහැකි බව ප්‍රවීන ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.
වසර සිය ගණනක් තිස්සේ පන්සිල් ගන්න මිනිසුන් සිටින රටක පන්සිල් ආරක්ෂා නොකර ඔවුන් එය ප්‍රදර්ශනාත්මකව සිදු කරන්නාක් මෙන් සංහිඳයාව වෙනුවෙන් දින වෙන් කිරීම ද එවැනිම ක්‍රීයාවකට සමාන බවයි ඔහු පවසන්නේ.
මිනිසුන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සංහිඳයා අදහස ඔවුන්ට ලබා දෙමින් සහ ඔවුන්ගේ අදහස් ලබා ගනිම්න් සිදු කරන්නවු ගනුදෙණුවක් තුළින් සංහිඳියා වැඩපිළිවෙල යථාර්ථයක් කර ගැනීමට උත්සාහ කල යුතු බව ඔහු යෝජනා කර සිටියේ ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සංහිඳියා වසර හා එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිලෝන් ජර්නල්ස් වෙත අදහස් දක්වමිනි.
ගෝත්‍රාවාදි අදහසක් :
පසුගියදා විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එතැන් සිටි කාන්තාවක් “ගිහින් යාපනේ උන්ට මේක කරපියව්” යනුවෙන් කෑගසමින් සිටිනු තමන් සමාජ මාධ්‍ය වලින් දුටු බව පවසන උපුල් ශාන්ත සන්නස්ගල පෙන්වා දෙන්නේ එම ප්‍රකාශයෙන් ඇඟෙවන්නේ විශාල ගෝත්‍රාවාදි අදහසක් බවයි.
එම ප්‍රකාශය ඇයගේ ප්‍රකාශයක් නොව එතුළින් දකුණේ ජන විඥානය ප්‍රකාශයට පත් වන බවට විශ්වාසය පල කල ලේඛක සන්නස්ගල අවධාරණය කර සිටියේ සංහිඳියා ඇති කල යුත්තේ උතුරේ නොව දකුණේ බවයි.
ආණ්ඩුවට පිට කොන්දක්:
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒකීය රාජ්‍ය ව්‍යුහය පවත්වා ගනිමින් උතුරු නැගෙනහිර එක් නොකර ජාතික ප්‍රශ්නයට හෝ දෙමළ ජනයාගේ ප්‍රශ්නයට පිළිගත හැකි විසඳුමක් නොලැබෙන බවට සන්නස්ගල විශ්වාසය පල කර සිටියේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ද 'සිලෝන් ජර්නල්ස් 'වෙත අදහස් දක්වමිනි.
දේශපාලන ව්‍යෘප්ති ක්‍රියාත්මක කරමින් සිටින පුද්ගලයන් රට ගැන නොසිතා තම පුද්ගලික න්‍යය පත්‍ර ගැන සිතමින් අදහස් පළ කරන බැවින් ආණ්ඩුව මේ මොහොතේ කොන්ද කෙළින් තබා ගනිමින් සියලු ලාංකිකයන්ට පිළිගත හැකි නිදහස් ව්‍යවස්ථාවක් සැකසීමට පියවර ගත යුතු බව උපුල් ශාන්ත සන්නස්ගල වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
Jan 17, 2017
සංහිඳියාව අවශ්‍ය උතුරට නොවේ දකුණට – සන්නස්ගල
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
