ඇවන්ගාඩ් සමාගමට නීති විරෝධී පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යැම සඳහා ව්‍යාජ ලෙස සහතික නිකුත් කර අවස්ථාව ලබා දී රුපියල් කෝටි 1,140ක අයුතු ලාභයක් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 07 දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2016 සැප්තැම්බර් 01 ගොණු කළ නඩුවට අදාළව නිශ්කංක සේනාධිපතිට සහ හිටපු මේජර් ජනරාල් වඩුගේ ප්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (16) නියෝග කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු යුද හමුදා මේජර් වඩුගේ ප්‍රනාන්දු, හිටපු යුද හමුදා මේජර් කරුණාරත්න අධිකාරි එගොඩවෙල, හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක, ඇවන් ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති, හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ සහ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රැන්සිස් ජයරත්න යන අයට එරෙහිව මෙම නඩුව පරා ඇති අතර ඒ නඩුවෙන් නිශ්ශංක සේනාධිපති සහ වඩුගේ ප්‍රනාන්දු මහත්වරුන්ගේ විදෙස් ගමන් බලපත් නිදහස් කර තිබිණි.
ඒ හේතුව නිසා ඔවුන් දෙදෙනාගේ විදෙස් ගමන් යළි තහනම් කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා ඇත. ඒ අනුව ඔවුන්ගේ විදෙස් ගමන් යළි තහනම් කර ඇත.
Jan 16, 2017
නිශ්ශංක සේනාධිපතිට විදෙස් ගමන් තහනම්
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
