අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අද(19) නොතීසි නිකුත් කළේය.
ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පළ කළ ඇතැම් පුවත් මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් නීතීඥවරයෙකු වන මධුර විතානගේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම් 14 අද කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබාදී දුන්නේය.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සළකා බැලූ අවස්ථාවේ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා සඳහන් කර ඇත්තේ අදාළ පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වගඋත්තරකරු වෙත නොතීසි නිකුත් කිරීම අවශ්‍ය බවයි.
ඒ අනුව පෙත්සම් සම්බන්ධයෙන් මාර්තු මස 03 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාගේ මාලඹේ ලිපිනයට නොතීසි යොමු කිරීමට නියෝග කර තිබේ.
Jan 19, 2017
ලංකා ඊ නිවුස් කර්තෘට නොතීසි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
