රියදුරු බලපත්‍රයට සංශෝධනයක් - Neth News Blog

Jan 19, 2017

රියදුරු බලපත්‍රයට සංශෝධනයක්

අවයව සහ පටක බද්ධ කිරීම සඳහා පරිත්‍යාග කිරීමට රියැදුරන්ගේ කැමැත්ත ලබාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මාර්ග අනතුරු හේතුවෙන් ඇති වන මොළය මිය යාම හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වීම නිසා මරණයට පත් වන රියැදුරන්ගේ අවයව සහ පටක, අත්‍යවශ්‍ය රෝගීන්ට බද්ධ කිරීම සඳහා හැකියාව ලබා දෙමින්, සිය අවයව හා පටක පරිත්‍යාග කිරීම සඳහා කැමැත්ත ලබා දීමට රියැදුරන්ට හැකි වන පරිදි රියදුරු බලපත්‍ර ලබාගැනීමේ අයදුම්පත්‍ර සං‍ශෝධනය කිරීමට නියමිතයි.
එසේ ලබා දෙන ලද කැමැත්ත නිරූපනය වන පරිදි දැනට පවතින රියැදුරු බලපත්‍රය සංශෝධනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.