ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය අද (08) ට යෙදී තිබේ.
මේ වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් මෙහෙයවනු ලබන සෞභාග්‍යමත් දේශයක් බිහිකිරීම පිණිස "තිරසර යුගයක - තෙවසර ඇරඹුම" ජාතික උත්සවය අද (08 ) දින පස්වරු 3.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී චන්ද්‍රබාබු නයිදු මහතාගේ සහභාගීත්වයෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්ති දෙවර්ෂ පුර්ණය වෙනුවෙන් අද දින (08) සිරකරුවන් 285 දෙනෙකුට විශේෂ සමාවක් යටතේ නිදහස ලබාදී තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටින රැඳවූවන් 285 දෙනෙකුට මෙලෙස නිදහස හිමිව ඇති බවයි.
වැලිකඩ, ගාල්ල, බෝගම්බර ඇතුළු දිවයිනේ සියලු බන්ධනාගාර ආවරණය වන පරිදි මෙම රැඳවියන් තෝරාගෙන ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් බන්ධනාගාර මූලස්ථානයේදී විශේෂ සෙත් පිරිත් සාජ්ජායනාවක් ඊයේ(07) පවත්වා ඇති අතර අද දිනයේ සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට නියමිත බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
Jan 7, 2017
තිරසර යුගයක් ඇරඹේ - සිරකරුවන් 285ක් නිදහස්
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
