ඒකාබද්ධ විපක්ෂය රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කර ජනතාව නොමඟ යැවීමට එරෙහිව ගෙනයන වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා ඉදිරි මාස තුන ඇතුළත ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය කබීර් හෂීම් මහතාට උපදෙස් දී තිබේ.
ඒකාබද්ධ විපක්ෂය රජයට එරෙහිව ගෙනයන අසත්‍ය ප්‍රචාරවලට ඇතැම් මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන බැවින් ජනතාවට රජයේ වැඩපිළිවෙළ පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා දීමට කටයුතු කරන ලෙසත් මීට අදාළව සියලුම ආසන සංවිධායකයන් දැනුවත් කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා කබීර් හෂීම් අමාත්‍යවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
මේ අනුව මැතිවරණයක් ඉලක්ක කර නොගෙන 2020 දක්වා වූ රජයේ කඩිනම් සංවර්ධන ආර්ථික සැලැස්ම පිළිබඳව එ.ජා.ප.යේ ශාඛා සමිති, තරුණ හා කාන්තා සමිති, ආසන බලමණ්ඩල, ලක් වනිතා සංවිධානය ඇතුළු එ.ජා.ප.යේ සමිති සංවිධාන සියල්ලම දැනුවත් කරන ලෙස දන්වා ඇති අග්‍රාමාත්‍යවරයා මෙම කටයුත්තේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට තමන් සහභාගි වන බවත් ඊට අදාළව කොට්ඨාස මට්ටමින් මූලික දැනුවත් කිරීම ආසන සංවිධායකයන් විසින් සිදු කළ යුතු බවත් මේ සියලු කටයුතු එළැඹෙන මාර්තු 31 වැනිදායින් අවසන් කළ යුතු බවත් අවධාරණය කර තිබේ.
Jan 7, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
ඒකාබද්ධය ගැන බලාගන්න අගමැතිගෙන් විශේෂ පුද්ගලයෙක් !
ඒකාබද්ධය ගැන බලාගන්න අගමැතිගෙන් විශේෂ පුද්ගලයෙක් !
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
