පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට බොදු බල සේනා සංවිධානයේ ක්‍රියා කලාපය හේතුවූ බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පලාත්සභා නියෝජිතයෙක් පවසයි.
බොදු බල සේනා නායක හිමියන්ගේ මූලිකත්වයෙන් බේරුවල ප්‍රදේශයේ සිදු කළ විනාශයෙන් පසු සියයට අනුවකට වඩා මුස්ලිම්වරුන් හිටපු ජනාධිපතිවරයාට විරුද්ධ වු බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පැවසිය.
මුස්ලිම් ජනතාවට විරෝධය පෙන්වමින් ඒ මාර්ගයේම වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවද ගමන් කරන්නේ නම් එය වැරදි සහගත බව ඔහු ප්‍රකාශ කර සිටියේ, ජනාධිපතිවරයා සමග ශ්‍රී ලාංකික පුරාවිද්‍යා උරුමය රැක ගැනීම සම්බන්ධයෙන් පසුගියදා පැවැති ඉහළ පෙලේ සාකච්ඡාවකදී ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් සිදුකළ මුස්ලිම් විරෝධී ප්‍රකාශයක් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මාධ්‍යයට නිකුත් කර තිබීම පිළිබදව අදහස් දක්වමිනි.
සිංහල බෞද්ධ ජනතාව
සිංහල ජනතාවට හෝ බෞද්ධ භික්ෂුන්වහන්සේලාට කිසිම දිනක තමන් විරෝධතාවක් නොදක්වන බවද පැවසූ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයා, තමන් විරෝධය දක්වන්නේ ජාතිවාදි ලෙස කතා කරන ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් සහ මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි වැන්නවුන් පිළිබඳව පමණක් බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම්, සියලු දෙනා එකට ජීවත් විය යුතු ආකාරයෙන් රට ගමන් කළ යුතු අතර ජාතිවාදී පැත්තට වත්මන් ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය කටයුතු කරන්නේ නම් රට අමාරු තත්වයකට ගමන් කරන බව ඔහු එහිදී සඳහන් කළේය.
පුරා වස්තු විනාශ කරන ලෙස මුස්ලිම් ආගමේම සදහන් කර ඇති බවට ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් ජනාධිපතිවරයා හමුවේ චෝදනා නගන අයුරු පසුගියදා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබු විඩියෝවක ඇතුලත්ව තිබුණි.
Jan 7, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
මහින්දට මුස්ලිම් ඡන්ද අහිමිවුන හේතුව? - සිවාජිලිංගම් කියයි
මහින්දට මුස්ලිම් ඡන්ද අහිමිවුන හේතුව? - සිවාජිලිංගම් කියයි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
