ජෙහාන් ඩැනියෙල් ශ්‍රී ලංකාව ඔසවා තබයි - Neth News Blog

Dec 18, 2016

ජෙහාන් ඩැනියෙල් ශ්‍රී ලංකාව ඔසවා තබයි

ආසියානු යොවුන් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සත්කාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගය මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට දුන් ශී‍්‍ර ලංකා යොවුන් පිල පන්දුවාර 48 යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 207 රැස් කිරීමට සමත් වුණා.

ශී‍්‍ර ලංකා යොවුන් පිලේ මුල් කඩුලු 6, ලකුණු 97ක් තුළ බිඳ හෙළීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මැද පෙළ ශක්තිමත් කළ ජෙහාන් ඩැනියෙල් ලකුණු 67ක් රැස් කරමින් ශී‍්‍ර ලංකා යොවුන් ඉනිම ලකුණු 200 සීමාව කරා රැගෙන ගියා. විශ්ව චතුරංග ලකුණු 44ක් රැස් කළා. තරගය ජය ගැනීම සඳහා ඉන්දීය යොවුන් පිල ලකුණු 208 ක් රැස් කළ යුතුයි.