කිසිම වංචාවකට හෝ දුෂණයකට තමන් සම්බන්ධ නැති බැවින් තමාගේ නම 'යහපාලන ටොප් ටෙන් - හොරු' ලැයිස්තුවට ඇතුලත් නොකරන්නැයි ඉල්ලමින් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාට මේදිනවල දිගින් දිගටම දුරකනත ඇමතුම් ලබාදෙන බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රකාශයට පත්කරන 'යහපාලන ටොප් ටෙන් -හොරු' ලෙස නම් කර ඇති ලයිස්තුවේ මීලග අංකය වන අංක 04 හිමිව ඇති ඇමතිවරයා මෙසේ පින්සෙන්ඩු වන්නේ යයිද වාර්තා වෙයි.
අර්ජුන්ට හා තිරුට අධිවේග මාර්ග ටෙන්ඩර් ලබාදෙන ලෙස තමන්ට බලපෑම් කලේ ඉහලම දේශපාලනඥයකු විසින් බවද මෙම ඇමතිවරයා, මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට හෙළිකර ඇතැයි ද පැවසේ.
මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම කාරණය තහවුරු කළේය.
අගමැති ඉදිරියෙන් :
ඒකාබද්ධ විපක්ෂය විසින් මේවනවිට නම් කර ඇති 'යහපාලන ටොප් ටෙන්’ ලයිස්තුවේ පළමුවැනියා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වන අතර, දෙවැනියා මුදල් ඇමති රවි කරුණානායක මහතා වේ.
තුන්වැනියා ලෙස ඇමති මලික් සමරවික්‍රම මහතාව මේ වන විටත් හෙලි කර තිබේ.
මීලග අංකය ඉදිරි දින කිහිපයේ හෙලි කිරීමට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඇතුළු පිරිස සූදාම් වෙයි.
මෙම වැඩපිලිවෙල යටතේ ප්‍රධානතම දස දෙනෙකුත් ඉන් පසු සෙසු සියල්ලත් සතියෙන් සතිය හෙලි කරන බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.
ටෙන් ප්‍රසන්ට්ලා නිදැල්ලේ !
මේ අතර රාජපක්ෂ පාලන සමයේදී මහ පරිමාණයෙන් වංචා දුෂණ සිදුකල 'ටෙන් ප්‍රසන්ට්ලා' මේවනවිට නිදැල්ලේ සිටීම සම්බන්ධයෙන් යහපාලන ප්‍රධානීන්ට සිවිල් සමාජයෙන් බලවත් විරෝධයක් එල්ලවී ඇත.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා හිටපු ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා සම්බන්ධයෙන් වන විමර්ශන අතරමග ඇනහිට තිබීම ඔවුන්ගේ බලවත් අප්‍රසාදයට හේතුවී තිබේ.
ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක දී සිටින අගමැතිවරයා ඔවුන් දෙදෙනාට රැකවරණ දෙන බවට ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා චෝදනා කරයි.
කෙසේවුවද, පසුගිය පාලන සමයේ සිදුව තිබෙන බරපතල අපරාධ ගණයෙහිලා ගැනෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන ලිපිගොනු ප්‍රමාණය 63ක් වන බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් සාධනීය පියවරක් ගෙන නොමැති බවත් වාර්තාවේ.
Dec 14, 2016
Home
Unlabelled
ප්‍රබල ඇමතියෙක් මහින්දානන්ද ඉදිරියේ පින්සෙන්ඩුවේ
ප්‍රබල ඇමතියෙක් මහින්දානන්ද ඉදිරියේ පින්සෙන්ඩුවේ
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
