සිගරැට් වෙනුවට බීඩි බීම දෙගුණයකින් වැඩිවේ.. දුම්බීම වලකාලීමේ රජයේ ප්‍රතිපත්තියට ලොකු තර්ජනයක්… - Neth News Blog

Dec 18, 2016

සිගරැට් වෙනුවට බීඩි බීම දෙගුණයකින් වැඩිවේ.. දුම්බීම වලකාලීමේ රජයේ ප්‍රතිපත්තියට ලොකු තර්ජනයක්…

අසීමිත ලෙස රජය විසින් සිගරැට් මිල ඉහළ දැමීම හේතුවෙන් යාපනයේ විශ්ව විද්‍යාලය අවට බීඩී බීම දෙගුණයකින් වැඩි වී ඇති බව යාපනයේ කඩ හිමියකු වන ශිවන් ස්ටෝස් අයිතිකරු එස්. පත්මනාදන් මහතා පවසයි.

රජය දුම්බීම අධෛර්මත් කිරීමට මෙන්ම ඒ හරහා සෞඛ්‍යය වන හානිය අඩු කිරීමට මෑතකදී සිගරැට් මිල අසීමිත ලෙස ඉහළ දැමුවද ඉන් රජය බලාපොරොත්තු වුනේ දුම්බීම අඩු කිරීමට වුවත් සිගරැට් බීමට පුරුදු වී සිටි විශ්ව විද්‍යාලය සිසුන් ඒ වෙනුවට මිල අඩු බීඩි බීමට පටන් ගෙන ඇති බව යාපනයේ අවට ප්‍රදේශය වලින් ද වාර්තා වී ඇත.

මෙයින් පැහැදිලි වන්නේ දුප්පත් කම්කරුවන් සඳහා මෙතෙක් පුරුදුව තිබූ බීඩී ක්‍රමානුකූලව මධ්‍යම පාන්තිකයන් බොහෝ පිරිස් අතරට එමින් ඇති අතර බීඩි වෙළෙඳාම විශාල ලෙස ඉහළ යමින් පවතින බවයි.