හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක් පිස්‌තෝල රැගෙන විත් වවුනියාවේ කොක්‌එළිය ගම්මානයේ යළි පදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වන විට වැසියන් විශාල පිරිසක් ගම්මානය අතහැර ගොස් ඇතැයි අවට ගම්වාසීහු පිරිසක් ලදිවයිනලට ඊයේ (20දා) පැවැසුහ.
පිස්‌තෝල රැගෙන පැමිණ කරන තර්ජන හේතුවෙන් කොක්‌එළිය අවට වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවද ඔවුහු පැවැසූහ.
ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක් නොව හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක් බවයි. ඔවුන් එසේ හැසිරෙන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්‍ෂාවෙන් බවද කොක්‌එළිය ගම්මානයේ පදිංචිකරුවෝ කියති.
මීට මාස තුනකට පමණ පෙර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායකයකු වූ සින්නවන් ඇතුළු පිරිසක් ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් විශාල පිරිසක් ගම අත්හැර ගිය බවත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තත් යළි නිදහස ලබා පැමි”මෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක් ආරම්භ වී ඇති බවත් ගම්වාසීහු කියා සිටිති.
1985 වර්ෂයේදී කොක්‌එළිය ගම්මානයට කඩා වැදුණු එල්. ටී. ටී. ඊ. ය ගමේ විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ගම්වැසියන් දස දෙනකු ඝාතනය කොට ගම්මානයට ගිනි තැබූහ. ඉන් පසු අවස්‌ථා හතරක්‌ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියද විවිධ ප්‍රශ්න හේතුවෙන් යළිත් ගම්මානය අතහැර ගොස් තිබේ. ස්‌ථීර වශයෙන් යළි පදිංචිය සඳහා ගම්වැසියන් කොක්‌එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය.
ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම පීඩාවෙන් තමන් මුදාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්‍ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්‍ෂා කළ විට ගම හැර ගිය පිරිස් යළි ගම්මානය වෙත පැමිණෙන බවයි.
මේ පිළිබඳව වවුනියාව හා මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලිසිය කටයුතු කොට ඇති බවයි.
වවුනියාව කොක්‌එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස් මුරපළක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වැඩිදුරටත් පැවසීය.
Dec 20, 2016
හිටපු එල් ටී ටී සාමාජිකයින් නිසා වව්නියාවේ වැසියන් මරණ බයේ
Tags
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
hot news,
Sinhala News
