ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම මහා සමුළුව ජනවාරි මාසය තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
සිකුරාදා (23) පස්වරුවේ නෙළුම් මාවත මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළැඹ තිබේ.ජනවාරි මාසය වන විට පක්ෂය සඳහා නව සාමාජිකයින් දිස්ත්‍රික් මට්ටමින් බඳවා ගැනීමේ කටයුතු අවසන් වීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
පක්ෂයේ පළමු මහ සමුළුව වන විට සාමාජිකයන් දස ලක්ෂයක් බඳවා ගැනීමට නියමිතව තිබූ අතර මේ වන විටත් එම සංඛ්‍යාවට ළඟා වී ඇති බවද වාර්තා වේ.
සමුළුව පැවැත්වීමට අදාළ කටයුතු සහ පක්ෂයේ වැඩකටයුතු පිළිබඳව ප්‍රගතිසමාලෝචනයක්ද සිකුරාදා පස්වරුවේ පැවැත්විණි. මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ආසන නියෝජනය කරන හිටපු පළාත් පාලන නියෝජිතවරු පැමිණ සිටියහ.
ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටියහ.
රුචිර දිලාන් මධුසංඛ
Dec 27, 2016
පොදුජන පෙරමුණේ මහ සමුළුව ජනවාරියේ
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
