'අසුන ගැන මට ගැටළුවක් නෑ' - කතානායක කියයි - Neth News Blog

Nov 22, 2016

'අසුන ගැන මට ගැටළුවක් නෑ' - කතානායක කියයි

කතානායක අසුනේ වෙනත් පුද්ගලයෙකු අසුන් ගැනීම තමන්ට ගැටළුවක් නොවන බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අයවැය තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථාවේදීය.

එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා ප්‍රශ්නයක් යොමු කරමින් කියා සිටියේ කතානායක අසුනේ පාර්ලිමේන්තු නිලධාරියෙකු අසුන් ගැනීම සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තර්ජන එල්ල වී ඇති බවයි.
එම අවස්ථාවේදී ඊට කතානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ද මැදිහත් වූ අතර ඒ සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම සොයා බලන බව කතානායකවරයා කියාසිටියේය.