2017 වර්ෂය සඳහා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාවලට සෑම අධිකරණයකම නඩුවක් ගොනු කිරීමේදී මුදල් අය කිරීමට කර තිඛෙන යෝජනාවට අධිකරණ ක්ෂේත්‍රයෙන් බලවත් විරෝධයක් එල්ල වෙමින් ඇතැයි වාර්තා වේ.
ශේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමේ රුපියල් 15,000ක්ද අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමේදී රුපියල් 10,000ක්ද මහාධිකරණයේ නඩුවක් ගොනු කිරීමේදී රුපියල් 5,000ක්ද අය කිරීමට මුදල් ඇමතිවරයා යෝජනා කර තිබේ.
මුදල් ඇමතිවරයා මෙම යෝජනවා ඉදිරිපත් කිරීමේදී අධිකරණ අමාත්‍යංශයෙන් කිසිඳු විමසීමක් තොරව කර තිඛෙන මෙම යෝජනවාට අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගෙන් මෙන්ම එහි ප්‍රධානීන්ගෙන් එකඟතාවයක් ලැබී නැතැයි වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වන විද්වතුන් පවසන්නේ මෙරට අධිකරණයක නඩුවක් ගොනු කිරීමේදී රජයට මුද්දර ගාස්තු ලෙස මුදලක් අය කරගන්නා තත්වයක් තුළ මෙවැනි තීරණයක් ගැනීම ආණ්ඩුව ජනතාවට කරන බලවත් අසාධාරණයක් බවයි. විශේෂයෙන්ම ශේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීම සඳහා මේ වනවිට රුපියල් ලක්ෂ දෙකක්ට අධික මුදලක් දැරීමට සිදුවන බවත් එවැනි තත්වයක් හමුවේ ඉදිරියේදී අධිකරණයෙන් සාධාරණය බලාපොරොත්තු විය හැක්කේ මුදල් හැකියව ඇති ධනවතුන් පිරිසකට පමණක් බවයි.
Nov 23, 2016
Home
Unlabelled
රවීගේ බද්දට අධිකරණ ක්ෂේත්‍රයේ විරෝධය!
රවීගේ බද්දට අධිකරණ ක්ෂේත්‍රයේ විරෝධය!
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
