ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව අදහස් දැක්වූ උතුරු පළාතේ කාන්තා ක්‍රියාකාරි සංවිධාන කිහිපයක සාමාජිකාවන්ට මරණීය තර්ජන එල්ලවී තිඛෙනවා.
ඔවුන් එ් සම්බන්ධයෙන් උතුරේ පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ උතුරු පළාත් කාන්තා ක්‍රියාකාරිකයන්ගේ සංගමයේ සාමාජිකාවක් කියා සිටියේ ෂරියා නීතිය තුළින් මුස්ලිම්වරුන් දැඩි පෞරුෂත්වයක් ආරෝපණය කරගෙන සිටින බවයි.
ඊට තම සංගමය දැඩිව විරෝධය පළ කරන බැවින් මෙලෙස මරණීය තර්ජන එල්ලවී ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.
වයස අවුරුදු 13 සම්පූර්ණ වූ මුස්ලිම් දැරියන් විවාහ කර දීමට ෂරියා නීතිය අනුව හැකියාව පවතිනවා.
එහෙත් රටේ පවතින නීතිය අනුව එය වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමිය යුතු බවයි උතුරු පළාත් කාන්තා ක්‍රියාකාරිකයන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
එ් පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ප්‍රකාශ නිකුත් කිරීමත් සමගම අදාළ සංවිධානයේ සභාපතිවරිය ඇතුළු සාමාජිකාවන්ට දුරකතනයෙන් හා සමාජ මාධ්‍ය හරහා මරණීය තර්ජනද එල්ල වී තිඛෙනවා.
Nov 19, 2016
Home
Unlabelled
ෂරියා නීතියට එරෙහි වූ මුස්ලිම් කතුන්ට මරණ තර්ජන
ෂරියා නීතියට එරෙහි වූ මුස්ලිම් කතුන්ට මරණ තර්ජන
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
