බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිලිගෙන 'ලිච්චවි ක්‍රමයට' ධුරයෙන් ඉල්ලා අස් නොවුනහොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන බව පිවිතුරු හෙල උරුමය පක්‍ෂ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මපිල මහතා පවසයි.
ගම්මන්පිල මහතා එම ප්‍රකාශය කළේ ඊයේ (31 දා) පිවිතුරු හෙළ උරුමය මූලස්‌ථානයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.
එජාපය නියෝජනය කරමින් පාර්ලිමේන්තුට පැමිණි මැති ඇමතිවරැන් කිහිප දෙනෙකුද බැදුම්කර සිද්ධියට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පල කර ඇති බවද ඔහු කියා සිටියේය.
අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂවරුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සතු බැංකු ගිණුම් තහනම් කර එය සතු අයුතු ලෙස උපයා ගත් අරමුදල් මහ බැංකුවේ භාරයට ගන්නා ලෙසත්, එම සමාගම සතු මුදල් තැරැව්කාර බලපත්‍රය වහාම අත්හිටුවන ලෙසත් ගම්මන්පිල මහතා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියේය.
පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශයේ හෝ අල්ලස් කොමිසමේ සහය ඇතිව නීතිපති විසින් අගමැති රනිල් වික්‍රමසිංහ, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු වගකිවයුතු සියළු දෙනාට අපරාධ නඩු ගොනු කල යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.
අගමැතිගේ උපදෙස් මතයි - හඳුන්නෙත්ති
මේ අතර, 'හිරු' රූපවාහිනියේ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුයේ, 'මහ බැංකු බැදුම්කර නිකුතුවේදී තමන් කටයුතු කලේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දුන් උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටු පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් බවයි.
අගමැතිවරයා එසේ කියුවද මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණය ගැනීම බරපතල වරදක් යයිද ඔහු එහිදී සදහන් කලේය.
අගමැති සම්බන්ධ නෑ - චම්පික
කෙසේවුවද, ඇමති චම්පික රණවක මහතා පවසන්නේ, මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්දයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්බන්ධයක් නැති බවයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කියා සිටියේ තමන් සම්පූර්නයෙන්ම කෝප් වාර්තාව කියවූ බවත් එහි කිසිදු තැනක අගමැතිවරයා ඊට වග කිව යුතු බවක් සදහන්ව නැති බවත්ය.
පුලුවන්නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නැයි ඔහු අභියෝගයක් ද කළේය.
Nov 1, 2016
Home
Unlabelled
අගමැතිට එරෙහිව විශ්වාස භංගයක්
අගමැතිට එරෙහිව විශ්වාස භංගයක්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
