තමන් ශ්‍රී ලංකාවේ මුදල් ඇමති මිස චීනයේ මුදල් ඇමති නොවන බවත්, චීනයෙන් ශ්‍රී ලංකාව 2%කට වඩා පොලියකට ණය නොගත් බව කියන්නේ නම්, එරටින් මේ වනවිට ලබාගෙන ඇති ණයවලට 2% බැගින් පොලී ගෙවීමට සුදානම් බවත්, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ චීන තානාපති යී ෂියැංලියන්ග් මහතා පසුගියදා එල්ල කළ විවේචනයකට ප්‍රතිචාර දක්වමිනි.
චීනයේ ණය පිරිවැය ඉහළ බවට මුදල් අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයක් විවේචනය කරමින් පසුගිය අඟහරුවාදා (01) චීන තානාපතිවරයා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ චීනයේ ණය පිරිවැය වැඩිනම් තවදුරටත් ණය ඉල්ලන්නේ මන්දැයි යනුවෙනි.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මුදල් අමාතවරයාගෙන් කරුණු විමසුවේ ඔහු ඊයේ (03) මහනුවරට පැමිණි අවස්ථාවේදීය.
චීන තානාපතිවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරන බව එහිදී මුදල් අමාත්‍යවරයා අවධාරණයෙන් කියාසිටියේය.
රවී කරුණානායක මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින්, "පසුගියදා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවෙනවා. මා ඉතාම පැහැදිලිව කියන්න කැමැතියි, චීනය අපේ ළඟම මිතුරකු වුණත් තානාපතිවරයාගේ ප්‍රකාශය සාවද්‍යයි. මා එය ප්‍රතික්ෂේප කරනවා. එතුමන්ලා කියනවා නම් සියයට 2ට වඩා ඉහළ පොලියකට ශ්‍රී ලංකාව ණය ගත්තෙ නෑ කියල, අපි දැන් අරගෙන තියෙන ණයවලට සියයට 2ක ගාණේ පොලී ගෙවන්න අපි ලෑස්තියි. අපේ රට ඉතා කුඩා එකක් වෙන්න පුළුවන්. නමුත් අපි ස්වෛරී රාජ්‍යයක්. මා චීනෙ මුදල් ඇමැති නෙවෙයි, මම ශ්‍රී ලංකාවේ මුදල් ඇමැති කියල ඉතා පැහැදිලිව කියන්න අවශ්‍යයි. චීනයට ඒ රටේ ආර්ථිකය ගොඩනැගීමට තියෙන අයිතිය වගේම අපේ රටේ ආර්ථිකය ගොඩනැගීමේ අයිතිය අපට තියෙනවා." යනුවෙන් පැවසීය.
Nov 4, 2016
Home
Unlabelled
'මම චීනේ මුදල් ඇමති නෙවෙයි' - චීන තානාපතිට ඇමති රවීගෙන් පිළිතුරක්
'මම චීනේ මුදල් ඇමති නෙවෙයි' - චීන තානාපතිට ඇමති රවීගෙන් පිළිතුරක්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
