හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශගතවීමට පෙර කොප්කමිටු සාමාජිකයකු වන උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය 27 වැනිදා පෙරවරුවේ අමාත්‍යවරයාගේ කොල්ලුපිටියේ සෙල්ෆිගාර්ඩ්න්හි පිහිටි නිවසට මහේන්ද්‍රන් මහතා ගොස් ඇති බව වාර්තා වේ.
ඔහු එසේ අමාත්‍යවරයාගේ නිවසට ගොස් ඇත්තේ යම් විශේෂ ලියවිල්ලක් ලබාදීමට බවද පැවසේ.
කෙසේවුවද, සේනසිංහ මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් කමිටු රැස්‌වීමේ තොරතුරු මාධ්‍යවල පළකිරීම සම්බන්ධයෙන් එම මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කැඳවා ප්‍රශ්න කළ යුතු බවයි.
ඔහු එහිදී මෙසේද කියා සිටියේය.
“කෝප් කමිටුව මාධ්‍යයට විවෘත නෑ. මාධ්‍ය ආයතන එහි කටයුතු ප්‍රකාශයට පත්කිරීම ගැන ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් කැඳවීමේ බලය කෝප් කමිටුවට තියෙනවා.”
එහිදී නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මේ ගැන කෝප් සභාපතිතුමා සමඟ සාකච්ඡා කරන බව සඳහන් කළේය.
මේ කතා බහට එක්වූ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී බිමල් රත්නායක මහතා මෙසේ සඳහන් කළේය.
“මමත් කෝප් සාමාජිකයෙක්. මේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කැඳවූ සෑම කෝප් රැස්‌වීමකටම මම සහභාගි වුණා. දින දෙකක් විතරක් නොවේ හැම රැස්‌වීමකටම මම ආවා. මාධ්‍ය වාර්තා හුඟක් තියෙනවා. මාධ්‍ය කෝප් කමිටුව හමුවට කැඳවීම ගැන අපි එකඟ වන්නේ නෑ. එසේ නම් පළමුව කැඳවිය යුත්තේ සභානායකවරයාවයි. ඔහු තමයි පළමුව මේ පිළිබඳ මාධ්‍යයට ප්‍රකාශ කළේ. අපි දේශපාලන බබ්බු නොවේ.”
Oct 29, 2016
Home
Unlabelled
අර්ජුන් රටයන්න කළින් සුජීවගේ ගෙදර ගියේ ඇයි ?
අර්ජුන් රටයන්න කළින් සුජීවගේ ගෙදර ගියේ ඇයි ?
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
