හඳුනෙත්තිව රනිල්ට විශ්වාස ලු - Neth News Blog

Oct 28, 2016

හඳුනෙත්තිව රනිල්ට විශ්වාස ලු

පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු තේරීම‘ කාරක සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පිළිබඳව තමාට විශ්වාසයක් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිම්න්තු තේරීම් කාරක සභාවේ සභාපතිධුරය විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකුට හිමිවූ පළමුවතාව මෙය බවද ඔහු කියා සිටී.
මේ අතර එජාප මැති ඇමතිවරු පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා දේශපාලන වාසියට යොදා ගන්නවාද යන්න පිළිබඳ ප්‍රශ්න ඇති බව අගමැතිවරයා හමුවේ පෙන්වාදී ඇති බවද පැවසේ.

ඔහු එම කාරක සභා රැස්වීමෙන් නැගිට ගොස් ඇත්තේ එම පක්‍ෂයේ බලපෑමක් නිසා විය හැකි බවට එහිදී සැක මතුව ඇති බවද වාර්තා වේ.