යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා මියයාමේ සිදුවීම මුල් කරගනිමින් කලහකාරී ක්‍රියාවන්හි නිරත නොවන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා එම පළාතේ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.
අදාළ සිසුන් දෙදෙනා මියයාම පිළිබඳ ඔවුන්ගේ ඥාතීන් වෙත ශෝකය පළ කරමින් නිවේදනයක් නිකුත් කරන සී.වී විග්නේෂ්වරන් මහතා පෙන්වාදී ඇත්තේ එම සිදුවීම මුල් කරගනිමින් කලහකාරී ක්‍රියාවන්හි නිරත වුවහොත් ඉන් අහිතකර ප්‍රතිඵල විඳීමට සිදුවනු ඇති බවයි.
සිසුන් දෙදෙනා මියයාමේ සිද්ධිය පිළිබඳ අධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් වන තුරු ඒ පිළිබඳ තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත.
කෙසේවෙතත් එම සිදුවීමේදී පොලීසිය සිය අවම බලය භාවිත කළ ආකාරය පිළිබඳ ගැටළු මතුවන බව සී.වී විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Oct 26, 2016
Home
Unlabelled
සන්සුන් වෙන්න යැයි විග්නේෂ්වරන් කියයි
සන්සුන් වෙන්න යැයි විග්නේෂ්වරන් කියයි
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.