“නියෝජ්‍ය ඇමතිවරයෙක් ළඟදීම අත්අඩංගුවට” - Neth News Blog

Sep 27, 2016

“නියෝජ්‍ය ඇමතිවරයෙක් ළඟදීම අත්අඩංගුවට”

වත්මන් යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු නුදුරු දිනකදීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂය මූලස්තානයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“එක පක්ෂයක කියලා නැහැ… රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාව, රාජිත සේනාරත්න ඇමතිතුමාව ඇතුළු තවත් 15 දෙනෙක් විටින් විට ගෙන්වලා තියෙනවා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් විමර්ශන කරන්න. මේක දඩයමක් නෙමෙයි.. මට පැහැදිළි ආරංචියක් ආවා, අපේ රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක්ගේ විමර්ශන සියයට අනූවක්ම ඉවරයි. ළඟඳිම නීතිය හමුවට යෑමට නියමිතයි.

බොහොම සුබ ආරංචියක් විදිහට කියනවා.. ආණ්ඩුවක් පවතිද්දි ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක්ව අත්අඩංගුවට ගන්නේ, ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.” යයි එහිදී හෙතෙම පැවසිය.