2017 වසරේ සිට කිසියම් පළාත් සභාවක මැති ඇමතිවරුන් අධ්‍යයන චාරිකා සඳහා විදේශගත වීමේදී අනිවාර්යයෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එමෙන්ම, මේ වසරේ ඉදිරි කාලසීමාව සඳහාද අධ්‍යයන චාරිකා සඳහා යම් පළාත් සභාවක නියෝජිත පිරිසක් එක් වන්නේ නම් ඊට අනිවාර්යයෙන්ම භාණ්ඩාගාර අනුමැතිය ලබාගත යුතු වන බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
දිවයිනේ සියලු පළාත් සභාවල මැතිඇමතිවරුන් රජයේ මුදලින් විදේශ සංචාරයන්ට සහභාගී වීම පසුගිය වසර 20කට වැඩි කාලයක් අඛණ්ඩව සිදුවී ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.
මේ වනවිට මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රී කණ්ඩායමක් විදේශගත වී ඇති බවට වාර්තා පළ වන බවද එහි සඳහන් වෙයි.
මාධ්‍ය වාර්තාකරණ ආකාරයේ අති විශාල මුදලක් මධ්‍යම පළාත් සභාවේ මැති ඇමතිවරුන් සඳහා විදේශ සංචාරයකට වැය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් වී නොමැති බවද එහි කියැවෙයි.
ජනාධිපතිගෙන් නිලුකාට දෝස්මුරයක් :
මේ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසන්නේ, සභාවේ මන්ත්‍රින් හතලිස්දෙනෙකු රුසියාවේ සංචාරයට යෑම ජනපති අනින් නතර කල බවයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිව්යෝර්ක් නුවර සිට කොළඹට පැමිණි වහාම තමාට කතා කොට දොස් කිව් බව ආණ්ඩුකාරවරිය කියන්නීය. මෙම ගමන ගැන තමාට නොකීවේ මන්දැයි ජනපතිවරයා ආණ්ඩුකාරවරියගෙන් විමසා ඇත.
ඇය පවසා ඇත්තේ ජනපතිගේ අවසරය වාචිකව ලැබුනු බවට මධ්‍යම පළාත් මහ ඇමති ලිඛිතව තමාට දැනුම් දුන් නිසා තම අනුමැතියද ඊට ලබාදුන් බවයි.
දැනට ගුවන්තොටට ගොස් සිටින මුල් කණ්ඩායමේ චාරිකාව නතර නොකරන ලෙසටත් දෙවැනි කණ්ඩායමේ ගමන නතතර කරන ලෙසටත් මින්පසුව චාරිකා සඳහා අවසර නොදෙන බවත් තමාට දැනුම් දුන් බව නිලුකා ඒකනායක ආණ්ඩුකාරවරිය පවසන්නීය.
මධ්‍යම පළාත් සභාව මුදල් අර්බුදයකටද මැදිව සිටීයි.
ජනපති යළි දිවයිනට
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඊයේ (26) යළි දිවයිනට පැමිණියේය.
ඊයේ පස්වරු 6.25 ට පමණ ජනාධිපතිවරයා ප්‍රමුඛ ධූත පිරිස යළි ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ ආරංචිමාර්ග පවසයි.
Sep 27, 2016
Home
Unlabelled
ජනාධිපති එයි : විදෙස් සංචාරවලට තහංචියක්
ජනාධිපති එයි : විදෙස් සංචාරවලට තහංචියක්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.