‘වසර 2000කට පෙර සිටම උතුරු නැගෙනහිර පලාත්වල දෙමළ ජනතාව වාසය කර තිබෙනවා. එවිට මෙරටේ සි0හල ජනතාවක් සිටියේ නැහැ. මේ රටට සිංහල භාෂාව පැමිණියේ ක්‍රී.පු. හයවන සියවසින් පසුවයි. දෙමළ ජනතාව සිංහල ජනතාව විදියට වෙනස් වී වසර සීයක් පමණ ජීවත්වීම නිසයි උතුරු නැගෙනහිර පලාත්වල සිංහල බලපෑම් සිදුවෙලා තියෙන්නේ’ යැයි උතුරු මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් පවසා ඇත.
ඔහු මෙසේ පවසා ඇත්තේ දෙමළ ජනතාවගේ නැගිටීම හෙවත් ‘එළුග තමිල්’ නමින් යාපනයේ පෙරේදා පැවති හර්තාල්යේ අවසානයේ යාපනයේ මුත්තුවේලි ක්‍රිඩාංගනයේ පැමිණ විශාල දෙමළ ජනතාව අමතමිනි.
දෙමළ භාෂාව කතා කරන බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර ජනතාවට ස්වයං පාලන අයිතිය හිමිවීම කාලීන අවස්ථාවක් බවත් මේ රටේ සිංහල ජනතාව වටහා ගනිමින් ඊට එකඟතාවය පලකල යුතු බවත් උතුරේ අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් වශයෙන් උතුරු නැගෙනහිර එකාබද්ධ කරමින් ෆෙඩරල් පාලන ක්‍රමයක් ඇති කල යුතු බවත් විග්නේෂ්වරන් වැඩිදුරටත් පවසා ඇත.
ඉල්ලීම කිහිපයක් මුල් කරගනිමින් පැවැති මෙම හාර්තාල් ව්‍යයාපාරයට උතුරේ සියලුම කඩ සාප්පු වසමින් ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල කරමින් විශාල දෙමළ ජනතාවක් සහභාග වූ අතර මේ නිසා එදින යාපනය එදිනෙදා කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වි තිබිණි.
Sep 26, 2016
Home
Unlabelled
වසර 2000 කට පෙර මෙරට සිංහල ජනතාව හිටියේ නෑ.. හිටියේ දෙමළ ජනතාව පමණයි.. විග්නේෂ්වරන්
වසර 2000 කට පෙර මෙරට සිංහල ජනතාව හිටියේ නෑ.. හිටියේ දෙමළ ජනතාව පමණයි.. විග්නේෂ්වරන්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
