රාජපක්ෂ සමයේ වංචනික ව්‍යාපාරික කටයුතු කළ ව්‍යාපාරිකයන් බේරාගන්නා බවට පොරොන්දු දී මුදල් ලබාගත් හා මන්ත්‍රීලාට තරුණියන් ලබාදුන් බව පැවසෙන “චේතිය” නම් අයෙකු සම්බන්ධයෙන් පොලිසියේ අවදානය යොමුව ඇතැයි වාර්තා වේ.
“චේතිය” නැමැත්තා විවිධ වාසගම්වලින් පෙනී සිටින බවද මේ අතර වාර්තා වේ.
ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටු හිතවතෙකු ලෙස පෙනී සිටිමින් මේ වංචනික ක්‍රියා සිදුකර ඇති බව පසුගිය කාලයේ විවිධ දූෂණ චෝදනා එල්ලවී ඇති ව්‍යාපාරිකයන්ගේ පරීක්ෂණ අතරවාරයේදී පොලිසියට අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.
“චේතිය” නැමැත්තා අග්‍රාමාත්‍යවරයා සහභාගිවන විදෙස් සංචාරවලට ඔහු ගමන්ගන්නා ගුවන් යානයෙන්ම යාමටත්, ඔහු නවාතැන් ගන්නා හෝටලයේම නවාතැන් ගැනීමටත් සැලැසුම්කර තමා අග්‍රාමාත්‍යවරයාගේ අරාධනය පරිදි එයට සහභාගිවූ බව පවසමින් ව්‍යාපාරිකයන් රවටා ඇති බවද පැවසේ.
මොහු සේදවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක නායක හිමිනමකගේ නමද සිය අයථා කටයුතු සඳහා යොදාගෙන ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
“චේතිය” නැමැත්තා තරුණ මන්ත්‍රීවරයකු ළගින් ඇසුරු කරන බවත්, ඔහු රැවටූ අය අතර ප්‍රසිදධ දේවාලයක ප්‍රධාන නිලමේවරයකු ද සිටින බව පැවසේ.
මොහුගේ පියා ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයක සභාපති ධූරයක්ද දරණ බවටද රාවයක් පවතී.
Sep 3, 2016
Home
Unlabelled
ව්‍යාපාරිකයන් රුවටූ, මන්ත්‍රීලට කෙල්ලන් දුන් චේතිය සොයයි
ව්‍යාපාරිකයන් රුවටූ, මන්ත්‍රීලට කෙල්ලන් දුන් චේතිය සොයයි
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
