චූදිතයින් අතර හිටපු නාවික හමුදාපති සෝමතිලක සහ කොළඹගේ
ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම වෙත පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කර පවත්වාගෙන යාමට ඉඩ ලබාදීමෙන් රජයට බිලියන 11.4ක් (කෝටි 1140) පාඩු කිරීමේ අල්ලස් චෝදනාව යටතේ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු නිලධාරින් 8 දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම ඊයේ (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරුවේය.
චෝදනා 19ක්, සාක්කි 60ක් හා නඩු භාණ්ඩ 218ක් නම් කරමින් අල්ලස් කොමිසම මේ නඩු පැවරීම සිදු කර තිබිණ.
අංක 26, පැඟිරිවත්ත පාර, මිරිහාන, නුගේගොඩ පදිංචි හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, නො. 122/6 නාරම්පිටිය පාර කැල‚ය පදිංචි ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දිසානායක මුදියන්සේලාගේ සුජාතා දමයන්ති ජයරත්න, නො. 6/6 , සුරම්‍ය මාවත, මහරගම පදිංචි වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු, නො 53/10/1, පෙරේරා මාවත, මිරිහාන පදිංචි කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල, නො. 567/8 එකමුතු මාවත, තලවතුගොඩ පදිංචි හිටපු නාවික හමුදාපති ඩී. ඩබ්ලිව්. ඒ. සෝමතිලක දිසානායක, නො. 160/60, රජමහා විහාර මාවත, සිරිපුරවත්ත, මිරිහාන, කෝට්ටේ පදිංචි ඇවන්ගාඩ් සභාපති, යාපාහෙට්ටි පතිරණලාගේ නිශ්ශංක යාපා සේනාධිපති නො. 606/1, ගම්මැද පාර, කටුනායක පදිංචි හිටපු නාවික හමුදාපති ජයනාත් කුමාරසිරි කොළඹගේ හා අංක 7A භාග්‍යා මාවත, කළුබෝවිල පදිංචි එස්. එම්. ඩයස් ජයරත්න පෙරේරා යන අයට විරුද්ධව මෙලෙස අල්ලස් කොමිසම නඩු පවරා තිබිණ.
වර්ෂ 2012/8/7 දින සිට 2015/1/8 යන කාලපරිච්ඡේදය තුළ දී ඇවන්ගාඩ් මැරීටයිම් සර්විස් පෞද්ගලික සමාගම වෙත අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී අර්ථලාභයක් අනුග්‍රහයක් වාසියක් සිදු කිරීමේ චේතනාවෙන් ආණ්ඩුවට පාඩුවක් වන බව දැන දැනම පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කර පවත්වාගෙන යාම සඳහා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගමට අවකාශ ලබාදීමෙන් අල්ලස් පනතේ 70 දූෂණය වගන්ති ප්‍රකාර වරදක් කර ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම මේ නඩුව පවරා තිබිණ.
තවද එම සමාගමට බිලියන 11.4ක් මුදලක් ඉපැයීමට සැලසීම ඇතුළු චෝදනා 19ක් මේ පුද්ගලයින් 8 දෙනාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇත.
1994 අංක 20 දරන සංශෝධිත 1954 11 දරන අල්ලස් පනතේ 70 වගන්ති ප්‍රකාර වරදක් හා ඊට ආධාර අනුබල දීම යන කරුණු ද අදාළ කරගනිමින් අල්ලස් කොමිසම මේ නඩුව පවරා තිබි‚.
අල්ලස් කොමිසමේ පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි හා සැරයන් බණ්ඩාර විසින් නඩු පැවරීම සිදු කළ අතර සිතාසි නිකුත් කිරීම සඳහා නඩුව යළි අද (01) කැඳවීමට නියමිතය.
Sep 1, 2016
Home
Unlabelled
කෝටි 1104ක් පාඩු කළැයි ගෝඨා නිශ්ශංක ඇතුළු 7 කට නඩු
කෝටි 1104ක් පාඩු කළැයි ගෝඨා නිශ්ශංක ඇතුළු 7 කට නඩු
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
