එල්.ටි.ටි.ඊ. නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ට ප්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වූ බ්‍රිගේඞ්යර් රවිප්‍රිය යටතේ පැවති කාර්ය සාධක බලකාය විසින් බව ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
එය සිදු වූයේ තමන්ගේ උපදෙස් මත මිස මේජර් ජනරාල් කමල් ගුණරත්නට උවමනා විදිහට නොවන බවද ඔහු පෙන්වා දෙයි.
මේජර් ජනරාල් කමල් ගුණරත්නට විරුද්ධව පැවති විනය පරීක්‍ෂණ අමතක කරමින් ඔහුට සේනාංකයක් බාර දෙනු ලැබුවේද තමන් විසින් බව හිටපු හමුදාපතිවරයා සදහන් කරයි.
අද ඔහුගේ පොතේ ඇති දේවල් එදා දැනගත්තේ නම් ප්‍රභාකරන්ගේ ඇදුම ගලවන්නට පෙර කමල් ගුණරත්නගේ ඇදුම ගලවා දමන බවද පවසන ෆොන්සේකා මහතා, ප්‍රභාකරන්ට පහර දුන්නේ මමයි කියන්නට සේනාංකාධිපතිවරැන් රණ්ඩු වූ බවද සදහන් කරයි.
මේජර් ජනරාල් කමල් ගුණරත්නට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් වත්මන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
Sep 26, 2016
Home
Unlabelled
'ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියයි' -ෆොන්සේකා කියයි
'ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියයි' -ෆොන්සේකා කියයි
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
