පුද්ගලික ඝාතන සිදු කිරීම සඳහා හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට අණ දුන් පාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර අණ ක්‍රියාත්මක කළ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සිර කර තැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
'බිබිසි සංදේශය' සමග සාකච්ඡාවකට එක් වෙමින් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ කැපවීම් අතුගා දමා පුද්ගලික ඝාතන සිදුවීම් ඉස්මතු කිරීම වැරදි ක්‍රියාවක් බවයි.
"වැදගත්, සෙබළු හිර කර ගන්න එක නෙවෙයි කවුද මේකට අණ දුන්නේ, ඒ අණ දීපු අය සුව පහසුවේ ගෙවල් වල ඉන්දැද්දී මේ අණ ක්‍රියාත්මක කරපු දුප්පත් සෙබළු හිර කිරිම යුක්ති ධර්මයට එකඟ නැහැ." ආණ්ඩුවේ ඇතැම් පිරිස් "දේශපාලන ඩීල්" යටතේ එලෙස අණ දුන් නිලධාරීන් අරකෂා කරන බවද පාටලී චම්පික රණවක ඇමතිවරයා මෙහිදී චෝදනා කළේය.
දේශපාලන වන්දියක්
"මම අනතුරු අඟවනවා බොහොම පැහැදිලිව මේ පිරිස් රකින අයට බලගතු දේශපාලන වන්දියක් ගෙවන්න සිදු වෙනවා කියලා" ඔහු අවධාරණය කළේය.
එලෙස චෝදනා කරන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ද නැතිනම් අගමැති රනිල් වික්‍රමසිංහට දැයි විමසූ විට ඇමතිවරයා පැවසුවේ තමන් ඒ කවුරුන්දැයි නම් කිරීමට සූදානම් නැති බවයි.
අගමැතිවරයාට සහ ජනාධිපතිවරයා යන දෙපළට ලබා දුන් ජනවරම ක්‍රියාත්මක කිරීමට ඔවුන් බැඳී සිටින බව පැවසූ අමාත්‍ය පාටලී චම්පික වැඩිදුරටත් කියා සිටියේ මෙරට සබෑ සිංහල බෞද්ධ මතවාදය නියෝජනය කරන්නේ ජාතික හෙළ උරුමය බවයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සුළු ජාතික ඡන්ද පදනම නැති වීමට තමන් පසුගිය ආණ්ඩුව සමයේ කළ කුමන්ත්‍රණයක් හේතුවූ බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු පැවසුවේ, රට තුළ ප්‍රශ්න ඇති කළ සංවිධාන ජාතික හෙළ උරුමය බිඳ වැට්ටවීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් එම චෝදනා නිර්මාණය කළ බවයි.
(බිබිසි සංදේශය)
Sep 24, 2016
Home
Unlabelled
චම්පිකගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
චම්පිකගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
