තමාට හෝ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට හෝ එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතාට පූර්ව දැනුම්දීමක් සිදු නොකොට ජනාධිපතිවරයා සමග ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ දිනවල නොකඩවා පාර්ලිමේන්තුව තුල රැඳී සිටින්නැයි සභානායක කාර්යාලය විසින් එජාප මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කල අවස්ථාවේදී මෙසේ එජාප මැති ඇමතිවරුන් 10 දෙනෙකු පමණ විදේශගතව ඇති බව දැනගන්නට ලැබී ඇත.
ආණ්ඩුවට මේදිනවල හදිසි මුදල් පනතක් සම්මත කර ගැනීමේ අවශ්‍යතාවයක් මතුව තිබු අතර ඊට ඒකාබද්ධ විපක්ෂයෙන් කිසියම් බාධාවක් එල්ලවීමේ අවධානම සලකා මෙසේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබිණ.
අනතුරුව සභානායකවරයා මේ සම්බන්ධයෙන් අගමැතිවරයාට පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
ඒ අනුව, කිසිඳු දැනුම්දීමකින් තොරව ඇමරිකාවට ගොස් සිටින එජාප මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනයක් වහාම තම වෙත ලබාදීමට කටයුතු කරන්නයි සභානයකවරයාට දැනුම් දී ඇති අගමැතිවරයා, එසේ විදේශගතවූ මැති ඇමතිවරුන් විදේශයන්හි දී සිදුකල රාජ්‍යතන්ත්‍රීක රාජකාරි කවරේදැයි වහාම වාර්තාවක් ලබාදෙන ලෙස විදේශ අමාත්‍යංශයට නියෝගකර ඇත.
Sep 23, 2016
Home
Unlabelled
ඇමරිකා ගිය එජාප ඇමතිවරුන්ට බාල්දියක්
ඇමරිකා ගිය එජාප ඇමතිවරුන්ට බාල්දියක්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
