හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සතුව තිබුනා යයි පැවසෙන ගම්පහ මල්වාන ඉඩම හා නිවාස රාජසන්තක කරන ලෙස ඉල්ලා ඊයේ පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස සුදානම්ව සිටිය ද ඊට අවස්ථාවක් නොලැබිණ.
ඊයේ (22) පූගොඩ දිසා විනිසුරු සංජීව සෝමරත්න මහතා හමුවේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්‌ථාවේ පූගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුවන් පතිරණ මහතා නිවාඩු වාර්තාකර තිබු හෙයින් එම නඩුව ඔක්‌තෝබර් මස 04 වැනිදා පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ කැඳවන ලෙසට නියම කළේය.
පූගොඩ මල්වාන ගඟබඩ පාරේ අංක 111/03 ස්‌ථානයේ පිහිටි අක්‌කර 17 ක් විශාල වූ ඉඩම මිලට ගෙන එහි නිවසක් ඉදිකිරීම සඳහා මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි අන්දමින් මුදල් වැයකර රජයේ මුදල් අවභාවිතය කිරීම සම්බන්ධව හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට විරුද්ධව මෙම නඩුව විභාග වේ.
නඩුවට අදාළ ඉඩමේ සහ නිවසේ රජයේ තක්‌සේරුව රුපියල් ලක්‍ෂ 2003 කි.
එකී දේපළවල ආරක්‌ෂිත තත්ත්වය සහ පවත්වාගෙන යන නඩුවේ නීතිමය තත්ත්වය පැහැදිලි කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ ස්‌ථානාධිපතිවරයාට පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් ඉකුත් දිනක නියෝග කර තිබුණි.
නඩුව සම්බන්ධව පාර්ශ්ව දෙකම අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමක් සිදු නොකළ අතර නඩුව ඔක්‌තෝබර් මස 04 වැනි දිනට කල් තැබීය.
මුදිත ජයකොඩි ?
2010 වර්ෂයේ නොවැම්බර් 25 වැනි දින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ඥාතියකු වන තිරුකුමාරන් නඩේෂන් යන අය එම ඉඩම ලක්‍ෂ 640 කට මිලට ගෙන පසුව නිවසක්‌ද ඉදිකර තිබුණි.
තීරුකුමාරන් යන අය පසුව ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි යන අයට එම ඉඩම විකුණා ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මුදල් වැයකර ගම්පහ මල්වානේ අක්කර 16ක පොල්වත්තක ඉඳිකළ දැවැන්ත නිවසේ අයිතිය හිමිව ඇත්තේ තමාට බව ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මහතා පොලිස් මූළ්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවේ ද ප්‍රකාශ කර තිබේ.
මුදිත ජයකොඩි යන අය රාජපක්ෂවරුන්ට සමීපතම සිටි ව්‍යාපාරිකයෙකි.
Sep 23, 2016
Home
Unlabelled
බැසිල්ගේ ලක්‍ෂ 2003ක ඉඩම : රාජසන්තක කිරීම කල් යයි
බැසිල්ගේ ලක්‍ෂ 2003ක ඉඩම : රාජසන්තක කිරීම කල් යයි
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
