තම නිල වාහනයට වෙන්කළ රුපියල් කෝටි හතක මුදලින් අමාත්‍යාංශයේ පරිහරණයට වාහන තුනක් මිලට ගෙන මුදලක් ඉතිරි කර දුන් බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (20 ) පාර්ලිමේන්තුවේදී පැවසිය.
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය සඳහා ඉදිරිපත් කළ රුපියල් කෝටි 59 ක පරිපූරක යෝජනාවට අදාළ විවාදයේ පිළිතුරු කතාව කරමින් ඔහු එබව සඳහන් කළේය.
ආණ්‌ඩුවේ ආදායම වැඩිකර ගැනීම සඳහා නව සැලසුම් ඉදිරිපත් කරන බව එම විවාදයේදී පැවසු මුදල් ඇමැති රවි කරුණානායක මහතා, කාර් මෙරටට ආනයනය සීමා කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.
පැරැණි කාර් ආනයනය කිරීමේදී නොයෙක් ආකාරයේ දූෂණ අක්‍රමිකතා සිදු වෙන බව විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා එම විවාදයේදී කියා සිටියේය.
රාජ්‍ය නායකයාට මුදල් ඇමැතිකම ලබාදීමේ නරක ආදර්ශය නිසා වසර ගණනාවක් රටම අපහසුතාවයන්ට පත්ව සිටි බවද අමුණුගම ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසිය.
Sep 21, 2016
Home
Unlabelled
ඇමති ෆොන්සේකා එක වාහනයට තුනක් අරන්
ඇමති ෆොන්සේකා එක වාහනයට තුනක් අරන්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
