ස්වාධින රුපවාහිනි සේවය (ITN) හරහා රාත්‍රී 10.30 සිට 'සෙක්ස්' චිත්‍රපට විකාශය කිරීමේ සුදානමක් නැතැයි එහි සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා අවධාරණය කර සිටියි.
ITN තුළින් රාත්‍රී 10.30 සිට විකාශය කිරීමට සූදානම් වන බව පැවසෙන සම්මාන දිනූ වැඩිහිටියන්ට සුදුසු ලේබලය සහිත විදේශීය ටෙලිනාට්‍ය මාලාවන් පිළිබඳවද සමාජ ඡාලවන් හා විවිධ මාධ්‍යයන් තුල මේවනවිට තියුණු සංවාදයක් මතුව ඇත.
මේ සම්බන්ධයෙන් ITN සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාගෙන් 'මිරර් ආර්ට්' කළ විමසුමකදී ඔහු මෙසේ අදහස් දැක්විය.
'' ඔව් අපි යම් වෙනසක් සිදුකරනවා, ඒ වෙනස දකින්න අහන්න ITN බලන්න.
අනිත් කාරණය තමයි මේ වැඩිහිටියන්ට සුදුසුයි කිව්ව ගමන් අපේ සමහර පිරිසක් හිතනවා මේ කියන්නේ සෙක්ස් ගැන කියලා. ඒක වැරදියි.
වැඩිහිටියන්ට සුදුසුයි කියන්නේ මේ සමහර දේවල් තියනවා ළමා මනසට ගෝචර නොවන, ළමයින්ට නොගැළපෙන ප්‍රස්තූත තියෙන වැඩසටහන්. ඒක නිසායි කලින් දැනුම් දීමක් සිදුකරන්නේ.
මොකද සමහර මාධ්‍ය ඒ දෙවල් දැනුම්දීමකින් තොරවම පෙන්නනවා.
මේක ලෝක සම්මත ආචාරධර්මයන්ට අනුව කෙරෙන දෙයක්. එකට කවුරුවත් කළබල වෙන්න ඕනේ නැහැ. මේවගේ දේකට සතුටු වෙන්නයි ඕනේ.
ලංකාවේ ඉන්න සුළු පිරිසක කණ්ඩායමක් තමයි මේ පිළිබඳ වැරදි මත පතුරුවා හරින්නේ. අපිට උසස් රසවින්ඳනයක් තියෙන ප්‍රේක්ෂකයින් පිරිසක් ඉන්නවා. මේක අලුත් අත්දැකීමක් වේවි' යැයි සමන් අතාවුදහෙට්ටි මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
Sep 20, 2016
Home
Unlabelled
'ITN 'සෙක්ස්' පෙන්නන්නේ නැහැ'
'ITN 'සෙක්ස්' පෙන්නන්නේ නැහැ'
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
