සෑම පොලිස් ස්ථානයකම රෝද පුටුව බැගින් තබන මෙන් නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පතිවරයාට නියෝග කරයි.
අමාත්‍යවරයා එම දැනුම්දීම සිදුකලේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හි නව පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
ඇමතිවරයා එසේ, රෝද පුටු තබන්නට දන්වා සිටියේ දිවයිනේ සෑම පොලීසියකටම පැමිණෙන ආබාධිතයින්ගේ ප්‍රයෝජනය පිණිසය.
ගිලිහී ගොස් ඇති විශ්වාසය :
තිස් අවුරුද්දක යුද්ධය අවසානයේ උතුරේ වැසියන් අතර ගිලිහී ගිය විශ්වාසය නැවත ඇති කළ යුතු බව අවධාරණය කල අමාත්‍යවරයා, එය ඉටු කළ යුත්තේ ගොඩනැගිලි ඉදිකිරීමෙන් නොව නීතිය හා සාමය සැමට එකසේ ලබාදීමෙන් බව පෙන්වා දුන්නේය.
'ගොඩනැගිලි නැවත ඉදි කරන එක පහසු දෙයක්. කඩ වෙච්ච විශ්වාසය ගොඩ නගන එක ඊට වඩා දුෂ්කර දෙයක්. අපේ ප්‍රධාන අරමුණ ඒ විශ්වාසය ගොඩ නගලා මේ රටේ ජනතාව රට ගොඩනැගීමේ වැඩපිළිවලට එක් කර ගැනීම.'
රජය බලාපොරොත්තු වන එම වැඩපිළිවල සඵල කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහ ජනතාව සමග සමීපව කටයුතු කරනු ඇති බව ඔහු පැවසීය.
පොලිස් බඳවා ගැනීම් සිදු කිරීමේදී දෙමළ භාෂාවෙන් සන්නද්ධ පුද්ගලයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව ද ඔහු කියා සිටියේය.
යුද්ධයෙන් විනාශයට :
1981 වසරේ ආරම්භ වූ ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානය 1990 පැවති යුද ගැටුම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් විය.
1995 වසරේදී යළි පොලිස් ස්ථානය විවෘත වුවත් ග්‍රාම සේවා වසම් දහනවයක දොළොස් දහසක් පමණ වැසියන්ට සේවා සැපයීම සඳහා නිසි පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොතිබිණි.
රුපියල් හය කෝටියක වියදමින් ඉදි වූ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ ප්‍රදේශයේ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් එක් වී සිටියහ.
Sep 19, 2016
Home
Unlabelled
සෑම පොලිසියකටම රෝද පුටු - ඇමති නියෝගයක්
සෑම පොලිසියකටම රෝද පුටු - ඇමති නියෝගයක්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
