බුදු දහමට දුන් සහතිකය : කාදිනල් හිමියන්ගෙන් ජනපතිට තුති - Neth News Blog

Sep 12, 2016

බුදු දහමට දුන් සහතිකය : කාදිනල් හිමියන්ගෙන් ජනපතිට තුති

නව ව්‍යවස්ථාව සැකසීමේදී බුදු දහමට ව්‍යවස්ථාව තුළින් ලබා දී ඇති අයිතිය එලෙසින්ම සුරකින බවට සහතිකයක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ස්තුතිය පළ කරන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසති.

නව ව්‍යවස්ථාව සැකසීමේදී ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් ලෙස නම් කළ යුතු බවට ඇතැම් කණ්ඩායම් හඬ නැගූ බව උන්වහන්සේ කියා සිටියේ ගම්පහ සිරිකුරුස දේවස්ථානයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදීය.

බටහිර ලෝකයේ පවතින අනාගමික සංකල්පය තමන්ට අවශ්‍ය ආකාරයට අර්ථකථනය කොට ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික දිවි පෙවත විනාශ කිරීමේ උත්සාහයක් පවතින බව උන්වහන්සේ එහිදි සඳහන් කළේය.
'දැනට ව්‍යවස්ථාවේ තිබෙන නව වෙනි වගන්තිය අල්ලන්නේ නැතිව එලෙසම තිබිය යුතුයි.' උන්වහන්සේ කියා සිටියහ.

වසර තිහක් පැවති යුද්ධය අවසාන කොට නව යුගයක් කරා යන ගමනට ආගමික සමගිය සහ ජාතික සමගිය ඉතා වැදගත් බව උන්වහන්සේ කියා සිටියහ.