තීරු බදු රහිතව ආනයනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති වාහන ආනයන බලපත්‍රය මගින් වාහන ගෙන්වීම සඳහා එම බලපත්‍රයේ වටිනාකමට සමාන ණය මුදලක් එම මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙසට ආණ්ඩුව විසින් ලංකා බැංකුවට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.
මේ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම ණය මුදල ඉල්ලුම් කළහොත් ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් කෝටි දෙසීයක මුදලක් මුදාහැරීමට බැංකුවට සිදු වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියි.
ලබා දී ඇති වාහන බලපත්‍රය මගින් පමණක් ලක්ෂ 280 ක් දක්වා වූ තීරු බදු සහනයක් මන්ත්‍රීවරුන්ට ලැබෙන බව 'බිබිසි සංදේශය' සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසීය.
මෙවැනි ණය මුදලක් ලබාදීමටත් වඩා එම ණය මුදල ලබාගැනීමටත් පෙර මන්ත්‍රීවරුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය විශාල මුදලකට විකුණා දැමීම ඉතා බරපතල තත්වයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අවධාරණය කරයි.
කෙසේ නමුත් එම ණය මුදල ලබා නොගැනීමට සිය පක්ෂය තීරණය කළ බවත් ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
සාධාරන නැහැ - රන්ජන්
මේ පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කියා සිටියේ වෙන් කිරීම කිසිසේත්ම සාධාරනීකරණය කළ නොහැකි බවයි.
'මම පාවිච්චි කරන්නේ කලින් ඇමතිවරයෙක් පාවිච්චි කළ වාහනයක්. ඒ වගේ වාහන දහස් ගණනක් ගාල් කරලා තියෙනවා. ඒවා හෝදලා රෙපයාර් කරලා පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉන්නේ රටේ ණය ගෙවා ගන්න බැරි තත්වයක.' නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැවසීය.
රුපියල් කෝටි දෙසීයක බරක් මහජනතාව මත පැටවීමට තමන් සූදානම් නැති බව ඔහු අවධාරණය කරයි.
මේ පිළිබඳව විමසීම පිණිස මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇමතීමට ගත් උත්සාහය සාර්ථක නොවීය.
Aug 30, 2016
Home
Unlabelled
මන්ත්‍රීන්ට සැප වාහන: තවත් කෝටි දෙසීයක්
මන්ත්‍රීන්ට සැප වාහන: තවත් කෝටි දෙසීයක්
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
