ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අලුතින් පක්‍ෂයක් පිහිටුවනවාද නැද්ද යන්න ගැන ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කර වාර්තාවක් සකස් කිරීම සඳහා නව දෙනකුගෙන් යුතු කමිටුවක් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කර තිබේ.
ඒ අනුව ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, මහින්ද යාපා අබේවර්ධන, බැසිල් රාජපක්‍ෂ යන මහත්ම මහත්මීහු මෙම කමිටුවට අයත් වෙති.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුගේම ආසන සංවිධායක ධුර මේ වන විට ඉවත්කර ඇති අතර දේශපාලන පළිගැනීම් දිගින් දිගටම සිදුවන බවටද මෙම මන්ත්‍රිවරුන් හිටපු ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
මීට අමතරව තවත් ගැටලු රැසක් පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මහින්ද රාජපක්‍ෂ මහතා දැනුවත් කර තිබෙන බවද වාර්තා වේ.
මේ මන්ත්‍රිවරුන්ගේ ආසනවල සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයන්ගෙන් අදහස් ලබා ගැනීම, ඊට අමතරව විවිධ ක්‍ෂේත්‍රවල විද්වතුන්ගෙන් හා ප්‍රවීණයන්ගෙන් අදහස් ලබාගැනීම, ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් හා අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඉදිරියේදී ගත යුතු මඟ පිළිබඳ වාර්තාව කඩිනමින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.
Aug 29, 2016
Home
Unlabelled
මහින්ද පිම්මකට සැරසෙයි - බැසිල් ඇතුළත් කමිටුවක් පත් කරයි
මහින්ද පිම්මකට සැරසෙයි - බැසිල් ඇතුළත් කමිටුවක් පත් කරයි
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
