'සිංහ ලේ' කණ්ඩායම ගැන හොයන්න අගමැතිගෙන් නියෝග - Neth News Blog

Aug 26, 2016

'සිංහ ලේ' කණ්ඩායම ගැන හොයන්න අගමැතිගෙන් නියෝග

සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් "එකම ලේ" නමින් ජාතිවාදයට එරෙහිව සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතාව කඩාකප්පල් කිරීමට ක්‍රියා කළ අය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාට දැණුම් දී තිබේ.

පසුගිය දිනෙක සිවිල් ක්‍රියාධරයන් කණ්ඩායමක් පැවැත්වූ මෙම සාමකාමී විරෝධතා ව්‍යාපාරයට "සිංහ ලේ ජාතික බලමුළුව" යැයි කියාගන්නා පිරිසක් කඩා පැන ගැටුමක් නිර්මාණය කළ අතර අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍යවරයාට ඊයේ (25) දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධව යි.
එම විරෝධතාවට බාධා කළ "සිංහ ලේ" පිරිස හමුවේ පොලිසිය ක්‍රියා කළ ආකාරය සහ ඒ සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව තමන්ට වාර්තා කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.