උඩින් ගිය ඇමති තුන් කට්ටුව හදිස්සියේම බිමට - Neth News Blog

Aug 25, 2016

උඩින් ගිය ඇමති තුන් කට්ටුව හදිස්සියේම බිමට

අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු රැගත් පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් නුවරඑළිය - සීතාඑළිය - කටුමාන්න ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මෙම හෙලිකොප්ටර් යානයේ කොළඹ සිට නුවරඑළිය දක්වා ගමන් කර ඇත්තේ නුවරඑළිය - සිනෙසිටා ශ්‍රවණාගාරයේ සංවිධාන කර තිබූ උත්සවයකට සහභාගිවීම සඳහායි.

යානය ගොඩබැස්සවීමට නියමිතව තිබුණේ නුවරඑළිය තුරඟ තරඟ පිටියටයි.
පැවති අධික මීදුම් තත්ත්වය නිසා නියමුවා යානය ඉතාමත් පහළින් ගමන් කර ඇති අතර, එහිදී ඔහු අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් හෙලිකොප්ටර් යානය ආසන්නයේ පවතින බැවින් සැනින් ක්‍රියාත්මක වූ නියමුවා යානය කටුමාන්න ප්‍රදේශයේ වගා බිමකට ගොඩබස්සවා ඇත.