මෙරට සමාජ ජාල තුළ වේගයෙන් පැතිර ගිය සිඟිති දරුවෙකුට මත්පැන් පොවන දර්ශනයක් සහිත වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් අවධානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් නීතිමය පියවර
ගැනීමට කටයුුතු කරන බවයි ඔහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක නිරතව සිටින පියෙකු විසින් මෙය සිදුකරන බවටයි අදාළ වීඩියෝව මගින් දැක්වෙන්නේ.
ඔහු මෙලෙස සිය දරුවාට මත්පැන් පොවන්නේ තම ඇකයේ තබාගනිමින්.
එම දරුවාට අමතරව තවත් දරුවන් කිහිපදෙනෙකු ඒ අවට සිටින බව වීඩියෝවේ හඬපටය ඔස්සේ පැහැදිළිවන අතර මෙම පිරිස අසභ්‍ය වචන පවා භාවිත කරන්නේ ඒ පිළිබඳව කිසිදු තැකීමකින් තොරවයි.
මෙවන් දෑ සිදුවන රටක අනාගතය පිළිබඳව සුබවාදී බලාපොරොත්තු තබාගැනීමට කෙතරම් දුරට හැකිවේද යන්න ගැටළුවක්වන අතර සමාජ ජාල තුළ මේ සම්බන්ධයෙන් දැනටමත් පුළුල් කතාබහක් මතුව තිබෙනවා.
Jul 16, 2018
සිඟිත්තාට මත්පැන් පෙවූ පියාට වැඩ වරදින ලකුණු (video)
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
