ආවා කල්ලිය මිනී මරා නෑ.. ඔවුන් පොඩි දරුවන් පිරිසක්.. දකුණේ පාතාලය ඊට වඩා දරුණුයි – නි. ඇමති නලින් බණ්ඩාර - Neth News Blog

Jul 17, 2018

ආවා කල්ලිය මිනී මරා නෑ.. ඔවුන් පොඩි දරුවන් පිරිසක්.. දකුණේ පාතාලය ඊට වඩා දරුණුයි – නි. ඇමති නලින් බණ්ඩාර

උතුරේ ක්‍රියාත්මක වූ ආවා කල්ලිය විසින් කිසිදු මිනීමැරුමක් කර නැතැයි රාජ්‍ය පරිපාලනය, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.

ආවා කල්ලිය යනු දකුණු ඉන්දියානු චිත්‍රපට බලා උන්මාදයට පත් අවුරුදු 17 සහ 18 වයස් කාණ්ඩ නියෝජනය කරන ලාබාල පිරිසක්
බව කී නියෝජ්‍ය ඇමැතිවරයා ආවා කල්ලිය යනු දකුණේ මවන බිල්ලෙක් බවද කීවේය.

‍පොලිස් අත්අඩංගුවට පත් මේ දරුවන් ‍පොලීසියේදී හඩා වැටුණු බවත්, ඔවුන් පුනරුත්ථාපනය කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ඉන්දියානු චිත්‍රපට බලා කඩු සාදා ගෙන ඒ අනුව කටයුතු කිරීම නිසා තවත් කණ්ඩායමක් තුවාල ලබා තිබෙනවා. විනා මේ අය ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවන බවද ඔහු සඳහන් කළේය.

ආවා කල්ලියට වඩා ත්‍රස්තවාදී ක්‍රියා කරන අය දකුණේ සිටින බව නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසුවේය.