අලුත් පෙරමුණක්‌ හදන්න ඒකාබද්ධයේ නායකයින් හමුවේ - Neth News Blog

Jul 18, 2018

අලුත් පෙරමුණක්‌ හදන්න ඒකාබද්ධයේ නායකයින් හමුවේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ කර ගනිමින් ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා ගොඩනැඟෙන නව පුළුල් පෙරමුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායකයෝ අද (18) රැස්‌ වෙති.

මෙම පක්‌ෂ නායක රැස්‌වීම ඒකාබද්ධ විපක්‌ෂයේ නායක පාර්ලිමේන්තු
මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්‌වරු 7.00 ට බත්තරමුල්ල, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයේදී පැවැත්වෙයි.

නව පෙරමුණ ඒකාබද්ධ පොදුජන පෙරමුණ වශයෙන් නම් කළ යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තීරණයක්‌ ගැනීමට නියමිතය.

මෙම යෝජනාව ඉකුත් ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායක රැස්‌වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා ඉදිරිපත් කර තිබිණි.

ඒකාබද්ධ පොදුජන පෙරමුණ වශයෙන් පෙරමුණ නම් කළද පොහොට්‌ටුව ලකුණ වෙනස්‌ නොවිය යුතු බවට ඔවුන් තීරණය කර තිබිණි.