දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී ඊයේ (23) රාත්‍රී 8.30 ට පමණයතුරුපැදියක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් දඹුල්ල යතුරු පැදි කරු මියගොස් තිබේ.
අනතුරත් සමග ප්‍රරකෝපකාරී වූ ප්‍රදේශවාසීන් අනතුරට පත්වූ සුඛෝපභෝගී මෝටර් රථයට ගිනි තැබීමට යද්දී එය වැළැක්වීමට ගිය දඹුල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකුට මන්නා
පිහියකින් අයකු පහරදීමත් සමග පොලිස් කොස්තාපල්වරයා ද තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචි අශෝක ලාල් (38) නැමැති දෙදරු පියෙකි.
සුඛෝපභෝගී මෝටර් රථය දඹුල්ල ප්‍රදේශයේ සිට සීගිරිය ප්‍රදේශයට ධාවනය වෙමින් තිබී ඇති අතර යතුරුපැදිය ප්‍රරතිවිරුද්ධ දෙසින් ප්‍රධාන මාර්ගයේ පැමිණ සිය නිවස ප්‍රදේශයට හරවනවාත් සමග මෙම අනතුර සිදුවී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.
මෝටර් රථය අධික වේගයෙන් ධාවනය වීමත් සමග එක වැරම මාර්ගය දෙපස සෝදිසියකින් තොරව යතුරුපැදිය හැරවීම නිසා රියදුරන් දෙදෙනාගේම නොසැලකිලිමත් රිය ධාවනය මෙය ම අනතුරට හේතුවී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.
අනතුරත් සමග ස්ථානයට රැස් වූ ප්‍රදේශවාසීහු දැඩිව ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට වී තිබේ. මෝටර් රථයේ පැමිණි රියදුරු එම ස්ථානයෙන් තවත් පිරිසකගේ ආධාර ඇතිව දඹුල්ල පොලිසියට ගොස් බාර වී ඇතැයි පොලිසිය කියයි.
එම අතරතුරදී ප්‍රකෝපකාරී වූ පිරිස වාහනයට ගිනි තැබීමට යද්දී එය වැළැක්වීමට උත්සාහ කළ දඹුල්ල පොලිසියේ රාජකාරියේ නියුතුව සිටී 49 652 ජගත් නැමති පොලිස් කොස්තාපල්වරයා මන්නාපිහි පාරකට ලක්වූ ඔහුගේ අත බරපතළ කැපුම් තුවාල සහිතව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
පහරදීම සිදුකළ සැකකරු ්අඩංගුවට ගැනීමට පොලිසිය ගියද ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ. අනතුරට පත් සුඛෝපභෝගී මෝටර් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
Jul 24, 2018
රිය අනතුරකට පත් මෝටර් රථයට ගිණි තැබීමට නොදුන්නැයි පොලිස් රාළහාමිට මන්නා පිහියෙන් කොටලා
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide


