'නිව්යෝර්ක් ටයිම්ස්' පිලිතුරු දෙන්න මහින්ද ගෙන් කොන්දේසියක් ! - Neth News Blog

Jul 24, 2018

'නිව්යෝර්ක් ටයිම්ස්' පිලිතුරු දෙන්න මහින්ද ගෙන් කොන්දේසියක් !

බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන්නේ නම් 'නිව්යෝර්ක් ටයිම්ස්' චෝදනා සම්බන්ධයෙන් පිලිතුරු ලබා දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා  පවසයි.

පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේ ඊයේ පැවති
උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ආචාර්ය රාජා ධර්මපාල විසින් රචිත භූපති දුටුගැමුණු ජනපති මහින්ද කෘතිය එළිදැක්වීමේ උත්සවය ඊයේ පස්වරුවේ පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.