'ෆොනීගේ ආරක්ෂකයන් පාතාල සාමාජිකයන්' - Neth News Blog

Jul 18, 2018

'ෆොනීගේ ආරක්ෂකයන් පාතාල සාමාජිකයන්'

තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පාතාල සාමාජිකයන් ආරක්ෂකයන් ලෙස තබාගෙන සිටීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා අද (18දා) පැවසීය.

ගිහාන් සඳරුවන්, ක්‍රිස්ටෝපර් නයනජිත් ඇතුළු පාතාල සාමාජිකයන්
සමග සරත් ෆොන්සේකා මහතා සම්බන්ධකම් පවත්වන බවත්, එම ජාවාරම්කරුවන් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවලදී ඔවුන් නිදහස් කරන ලෙස පොලීසියට බලපෑම් කර තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතා සංවිධානය කරන උත්සවවලට එම පාතාල සාමාජිකයන් සහභාගීවූ ආකාරය දැක්වෙන ඡායාරූප තිබෙන බවද ඔහු පැවසීය.

බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සරත් ෆොන්සේකා මහතාගේ ඇමති ධුරය ඉවත් කර ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා හා පොලිස්පතිවරයා කටයුතු කළ යුතු බවයි.