ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා කියා සිටී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ පරමාධිපත්‍ය බලය මහජනතාව සතු බව සදහන් කර ඇති නිසා එය වෙනස් කරන්නේ නම් ජනමත
විචාරණයක් අවශ්‍ය බව සදහන් කරමින් මන්ත්‍රීවරයා අධිකරණයට යාමට නියමිතය.
ඒ අනුව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමට නම් ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව ජයකොඩි මහතා පැවසීය.
එම යෝජනාව පාර්ලිමේන්තුවේදී අනිවාර්යයෙන් පරාජයකරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් විස්සට එරෙහිව නඩු පැවරීමේ තීන්දුව ගෙන ඇති බවයි.
දැනට ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධුරය ජනමත විචාරණයක් නොපවත්වා අහෝසි කළ නොහැකි බවට තර්ක කරමින් මෙයට අදාළ පෙත්සම සකස් කිරීමට ද එහිදී යෝජනා වී තිබේ.
ඊට අදාළ පෙත්සම සකස් කිරීම මහාචාර්ය ජී.එල්. පීරිස් හා තවත් ජනාධිපති නීතිඥවරැන් පිරිසක් විසින් සිදුකිරීමට නියමිත බවද පැවසේ.
පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්විඩුක්‍රම ව්‍යස්ථා යෝජනා කෙටුම්පත ගසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කරනු ලැබුවේ පසුගිය 09 වැනිදාය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට විරෝධතා ගොනුකරන්නේ නම් එය දින 14ක් ඇතුළත කළ යුතු වේ.
Jul 14, 2018
සෙස්ස පස්සට දමා 20ට ඒකාබද්ධයෙන් නඩුවක් !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
